2019 වර්ෂයේ
අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ඉලක්ක කර ගනිමින් සම්මන්ත්‍රණ
මාලාවක් අප විද්‍යාලයේ පැවැත්වෙන අතර ඉන් තොරතුරු තාක්ෂණය විෂය සඳහා වූ සම්මන්ත්‍රණය
කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීම යටතේ 2019-10-25 දින විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයේ
දී පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය දක්වන ලද්දේ මාවනැල්ල
පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ සේවය කරන මේඝසූරිය මහත්මා, අනෝමා මහත්මිය සහ අශෝකා
මහත්මියයි.
රිවිසඳ
මධ්‍ය විද්‍යාලය, ගනේතැන්න මහ විද්‍යාලය, සුමංගල විද්‍යාලය, මානික්කාව කණිෂ්ඨ විද්‍යාලය
හා බැමිණිවත්ත මහ විද්‍යාලය යන විද්‍යාල වලින් සිසුන් 50 ක් පමණ මේ සඳහා සහභාගී
විය.
මෙහිදී
සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය සකස් වන ආකාරය, ලකුණු ලබා දීමේ
පිළිවෙල හා පතුයට පිළිතුරු සැපයිය යුතු ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කළ අතර
අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමද සිදුවිය. මේ හරහා සිසුන්ට විභාගයට
ශක්තිමත්ව මුහුණ දීම සඳහා හොඳ මඟ පෙන්වීමක් ලැබුණු බව කිව යුතුය.