පළමු දිනය
මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අප සියළු දෙනා ඉතා සුහදව පිලිගත් අතර අදියර කීපයක් යටතේ පළමු දින වැඩමුළුව සැළසුම් කර තිබිණි.එහිදී පලමුව වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හා එයට සම්බන්ධ ආයතන පිළිබඳව අපව දනුවත් කරන ලදී. අනතුරුව පලමු අංගය ලෙස පාසල තුල මෙම වැඩසටහන ක්‍රියත්මක කිරීමේදී ගුරුභවතුන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන ආකාරය මෙන්ම නව තාක්ෂණය භාවිතය සඳහා ගුරුමණ්ඩලය මෙහෙයවා ගනු ලබන ආකරයද පැැදිලි කර දෙන ලදී.
එසේම දෙවන අදියරේදී
ගුරුභවතුන්ට ලබාදියයුතු මූලික පරිගණක දැනුම පිලිබඳව
මෙන්ම පාඩම් සකස් කිරීමෙදී යොදගතහැකි මෘදුකාංග පිලිබඳව ද දැනුවත් කරන ලදී.අවසාන
අදියරේදී Microsoft
Educator Community පිලිබඳව දැනුවත් කල අතර එහි සාමජිකත්වය ලබා
ගැනීමට හා එහි ඇති විවිධ පඨමාලා සම්පූර්ණ කිරීම සඳහා අපට උපදෙස් ලබාදෙන ලදී.
එසේම blog එකක් සකස් කරන ආකරය මෙන්ම විවිධ අධ්‍යාපනික වැඩසටහන් පිලිබඳවද දැනුවත් කරන ලදී. යහලුවන් හඳුනා ගැනීම හා විනෝදය සඳහා රොකට් නිර්මාණය කල අතර අලුත් යහළුවන්ද හඳුනා ගන්න ලදී.
මෙලෙස පලමු වැඩමුළුව ඉතා සාර්ථකව නිම කිරීමට අපට හැකි විය.
දෙවන දිනය
දෙවන
දිනයේදී අප කණ්ඩායම නියෝජ්‍ය විදුහල්පතිතුමන් සමඟ මෙම වැඩසටහනට සහභාගී වූ අතර පාසල
තුල පවතින ගැටළු හා ඒවාට ලබාගත හැකි විසඳුම් පිලිබඳවද මෙහිදී සාකච්ඡා කල අතර පාසල
තුල ක්‍රියාත්මක කල හැකි ඉදිරි වැඩසටහන් පිලිබඳ සැලසුමක්ද සකස් කරන ලදී.
ඉන්
අනතුරුව තිරසාර සංවර්ධනය පිලිබඳ ඉතා හරවත් දේශනයකට සහභාගී වූ අතර ඒ හරහා අලුතින්
යමක් හිතන්නට පෙලඹ වූ බව කිව යුතුය.
එසේම මෙදින
වලාකුල් පරිගණක සංකල්පය පිලිබඳ දැනුවත් කල අතර පාසලේ සියළුම සිසුන් සඳහා office 365 භාවිතා
කිරීම සඳහා ගිණුම් සකස් කරන ආකරය පිලිබඳව දැනුවත් කරන ලදී.
මෙලෙස දෙවන
දිනයේදීත් වටිනා අත්දකීම් රැසක් ලබා ගනීමට හැකි විය.
තෙවන දිනය
තෙවන
දිනයේදී 365 භවිතා
කරමින් වැඩ කරගන්නා ආකාරය පිලිබඳව පැහැදිලි කර දුන් අතර පාඩම් සකස් කිරීමේදී word හා sway යොදා ගන්නා
ආකාරය ඉතා පැහැදිලිව පෙන්වා දෙන ලදී. තවද, අන්තර්ජාලය භාවිතය, ළමුන්
අන්තර්ජලය හරහා සිදුවන අපචාර වලින් ආරක්ෂා කරගන්නා ආකරය, වැඩිහිටියන්ගේ අවධානය
යොමුවිය යුතු අංශ පිලිබඳ ඉතා
වටිනා දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
Microsoft Educator
Community වැඩසටහනට සම්බන්ධ වී ඉහල ලකුණු ලැබූවන්ට
ත්‍යාග පිරිනැමූ අතර Microsoft ආයතනය මගින් පවත්වන තරඟය සඳහා
සහභාගී වන ලෙසට දැනුවත් කරන ලදී.ඒ සඳහා sway එකක් සකස්
කරගන්නා ආකාරය හා තරඟයට ලියාපදිංචි වන ආකාරයද පැහැදිලි කරන ලදී.මෙලෙස තෙවන
දිනයද සාර්ථක ලෙස නිමා විය.
සිව්වන දිනය (2019.07.19)
සිව්වන වැඩසටහන 2019.07.19 වන සිකුරාදා දින මහනුවර ICBT ආයතනයේදී
පැවැත්වූ තවත් වැදගත් අධ්‍යාපනික වටිනාකමකින් යුුත් ප්‍රායෝගික වැඩසටහන් රැසක්
සමඟිනි.එහිදී පළමුව පැමිණ සිටි සියළුම ගුරු භවතුන්ගේ වැඩසටහනට අදාළ ගිණුම් නිවරදි
ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කිරීමක් HEADSTART ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.ඉන්පසුව සිදු කරන
ලද්දේ පාසල් වල smart school වැඩසටහනට
අදාළව ක්‍රියාත්මක වන්නා වූ වැඩසටහන් සහ ක්‍රියාත්මක වීමට අපේක්ෂිත වැඩසටහන් වලට
අදාලව පෝරමයක් සම්පූර්ණ කිරීමයි.එම වැඩසටන රුවන් සමරවීර මහතා විසින් ක්‍රියාත්මක
කල අතර පාසල් වල වර්තමාන වන විට ක්‍රියාකාරී වැඩසටහන් සහ ක්‍රියාත්මක විමට
අපේක්ෂිත වැඩසටහන් සහ එහිදී මුහුණ දීමට සිදු වූ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරිමට
අවස්ථාවක් ලැබිණි.
තවද මෙහිදී Teams ඔස්සේ අප කණ්ඩායම හා සම්බන්ධ වු හසාරා මහත්මිය විසින් අධ්‍යාපනය හා මනෝවිද්‍යාව අතර ඇති සම්බන්ධතාව හා ගුරු භූමිකාව තුල එහි ඇති වැදගත් කම පිලිබදව පහදා දෙන ලදි.තවද dialog ආයතනය මඟින් ක්‍රියාත්මක yeheli.lk නම් ස්ත්‍රීන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙබ් අඩවියක් ද හඳුන්වා දෙන ලදි.