Thursday, July 4, 2019

Rivisanda Central College _Kegalle



කෑ/මාව/ මාවතග‌ොඩ රිවිස මධ්‍ය විද්‍යාලය



සංගණන අංකය  - 24381 

පාසල් වර්ගය        - 1 AB 

අරණායක කොට්ඨාසය /මාවනැල්ල කලාපය




හැඳින්වීම හා පසුබිම



1904දී අරණායක  මාවනැල්ල මාර්ගයේ මාවතගොඩ නම් ග්‍රාමයේදී ආරම්භ කර පසුව සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ 1943 ලංකාවේ 6 වන මධ්‍ය විද්‍යාලය ලෙස මාවතගොඩ මධ්‍ය විද්‍යාලය මිශ්‍ර පාසලක් ලෙස සිසුන් 25 දෙනෙකුගෙන් නැවත ආරම්භ වූයේ දිප්පිටිය ආසන්නයේ 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් ලෙසිනි.
  නැවත 1960 දී උස්සාපිටියේ බිම් ප්‍රදේශයක් තෝරා ගෙන සතර කෝරළයට උරුම වූ ඉරහඳ කොඩිය සංකේතවත් කරමින් කලා, වාණිජ,ගණිත,විද්‍යා අංශ හා නේවාසික පහසුකම් සහිතව රිවිසඳ නමින් ආරම්භ වූයේ යැයි සතර කෝරළයේ නායක ස්වාමින්ද්‍රයන් වූ අළුපොත සුමනතිස්ස නාහිමියෝ ඇතුළු විද්වතුන් පිරිසකගේ එකඟත්වය මත වූ බව ඉතිහාස කරුණුවල සදහන් වී ඇත.

    1958දී ප්‍රථමවරට ශිෂ්‍යයන් දෙදෙනෙකු විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇති අතර සුවිශේෂී ජයග්‍රහණයක් වී ඇත්තේ 1990-95 අතර කාල පරිච්ජේදය තුළ මහනුවර,පොළොන්නරුව, බදුල්ල හා කෑගල්ල යන දිස්ත්‍රික්ක හතරේ පරිපාලනය මෙහෙයවීමේ විරල අවස්ථාව රිවිසඳ විද්‍යාලයෙන් බිහිවූ දක්ෂතාවයන්ට හිමිවීමයි.

     අද වන විට සිසු දරුවන් 2000ක් පමණ සහ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය 105ක් ද අනධ්‍යයන කාර්යය මණ්ඩලය 25ක් ද සහිතව 6-13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන අතර ක්‍රීඩා අංශයෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන පාසලක් බවට පත් වී තිබේ.





 දැක්ම,මෙහෙවර,අරමුණු හා අගයන්


දැක්ම


අභියෝගවලට නොසැලී මුහුණ දිය හැකි

සුහදශීලී හා නිර්මාණශීලී

පුද්ගලයෙක්.




මෙහ‌ෙවර



පාසල සතු සියලුම සම්පත් උපයෝගී කොටගෙන

දරුවන් සතු නිපුණතා ඔපමට්ටම් කරමින්

අභියෝගවලට මුහුණ දිය හැකි

ජාතික හා ජාත්‍යන්තර තලයට ගැලපෙන යහපත්

පුරවැසියන් සමාජයට දායක කිරීම.



පාසලේ ‌ස‌ේවය කරන ලද විදුහල්පති නාම ‌ල‌ේඛනය


විදුහල‌ේ වර්තමාන විදුහල්පතිතුමන්




අරමුණු

  • නව ලොවට ගැලපෙන පරිදි නව නිපුනතා හා තාක්ෂණය දරුවන්ට ලබාදීම 
  •  අන්තර් පුද්ගල සබඳතා නායකත්වය හා ගුණාංග සංවර්ධනය
  • ගවේෂණශීලී නිර්මාණාත්මක චින්තනය වර්ධනය කිරීම.
  • දේශීය අනන්‍යතාව රැකගනිමින් ජාත්‍යන්තරය තුළ දක්ෂතා දැක්වීමට දරුවන්ට        මඟ පෙන්වීම.
  • යහපත් පුරවැසියෙකු ලෙස ජීවිතය හැඩගස්වා ගනිමින් තම යුතුකම් හා වගකීම්             මැනවින් ඉටුකිරීමට පුහුණු කිරීම 
  • ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත පුරවැසියෙකු බිහි කිරීම
  • කණ්ඩායමක් තුළ වැඩකළහැකි මෘදු කුසලතා සහිත පුරවැසියෙකු බිහි කිරීම


              



අගයන්


1.     විශිෂ්ටත්වය
2.     අවංකබව
3.     අධිෂ්ඨානශීලීබව
4.     මානව දයාව
5.     උද්යෝගය 
6.     විනිවිදභාවය
7.     ඉවසීම
8.     සඵලදායි බව 
9.     යහපාලනය
10. ගුණාත්මකබව
11. සාමූහික බව
12. පරිසර හිතකාමී බව
13. පොලිතින් භාවිතයෙන් සම්පූර්නයෙන්ම වැලකීම 
14. ඵලදායි ඉගෙනුම් ඉගැන්වීම් සංස්කෘතිය 
15. කලට වේලාවට වැඩ කිරීම
16. සහකම්පනය
17. ස්වයං අභිප්‍රේරණයෙන් යුතුවීම









 පාසලේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්


 ක්‍රීඩා උත්සවය    
ක්‍රීඩා කිරීමේ උනන්දුව වැඩි දියුණු කිරීම
 අවුරුදු උත්සවය
සමාජ ඒකාග්‍රතාවය වර්ධනය වීම
වාර්ෂික ප්‍රසංගය
සෞන්දර්ය කුසලතා දියුණු ව
 බාලදක්ෂ 
විෂය සමගාමී කටයුතු කිරීම
 සිසු ප්‍රමාද වීම අවම කිරීම
සිසුන් ප්‍රමාද වීම 0% දක්වා අවම කිරීම  
ශිෂ්‍යනායක වැඩසටහන
නායකත්ව ගුණාංග වර්ධනය වීම.
 භාෂා දිනය
භාෂා කුසලතා හැකියා දක්වන දරුවන් දිරි ගැන්වීම.
සාරධර්ම නියාමන වැඩසටහන
නායකත්වයට සුදුස්සන් බිහි කිරීම
සාහිත්‍ය සමිති
සාහිත්‍ය දැනුම හා සාහිත්‍ය කුසලතා වර්ධනය කිරීම
සාක්ෂරතා ව්‍යාපෘතිය  
සාක්ෂරතාවය 100% දක්වා වර්ධනය කිරීම
උපදේශන ව්‍යාපෘතිය
සිසු ගැටලු අවම කිරීම
පරිසර නියමු  
සිසු දැරියන් පරිසරය හා මුසු වීම වර්ධනය කිරීම
සංගීත කණ්ඩායම් පුහුණු වැඩසටහන
සතියට දිනක් පුහුණු වීම වර්ධනය කිරීම
ශාරීරික සුවතා වැඩසටහන
දිනපතා පැවැත්වීම මගින් දරුවනගේ සෞඛය තත්වය  දියුණු වීම
ඉංග්‍රීසි භාෂා සංවර්ධන වැඩසටහන
ඉංග්‍රීසි භාෂා පරිහරණය සදහා දිනපතා වැකියක්  හදුන්වා දීම