Monday, October 14, 2019

ගුරු පුහුණුව - Headstart ආයතනය සමඟින්


2019.10.03 වන දින රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා විශේෂ ගුරු පුහුණුවක් පවත්වන ලදි.‌‌‌වැඩසටහන ‌මෙහෙයවන ලද්දේ Headstart ආයතනයේ දුල්ප සූරියආරච්චි මහතා විසිනි.ඒ සඳහා අවශ්‍ය සහාය රිවිසඳ smart school කණ්ඩායම විසින් ලබාදෙන ලදි.

මෙහිදී පළමුව නැණස smart school වැඩසටහන සහ  රිවිසඳ smart school කණ්ඩායම පිළිබඳව හඳුන්වාදීමක් සිදු වූ අතර දින 05 ක් පුරාවට ICBT ආයතනයේදී පැවති වැඩසටහන් වලදී රිවිසඳ smart school කණ්ඩායම වෙත ලබා දුන් තාක්ෂණික දැනුම සහ ඒවායේ වැදගත්කම පෙන්වා දෙන ලදි.







මෙහිදී Forms, Sway, GOOGLE EARTH සහ Kahoot හි පිළිබඳව ගුරු මණ්ඩලය දැනුවත් කරන ලදි.
පැය 3 ක් පමණ පැවති වැඩසටහනෙන් පසුව ස්තූති කතාව පැවැත්වූ පාසලේ නියෝජ්‍ය විදුහල්පති රූපතුංග මහතා විසින් headstart ආයතනය වෙත පාසලේ ස්තූතිය පළකල අතර පාසල තුල ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා හැකි තරම් තාක්ෂණය භාවිතා කරනා ලෙස ගුරුවරුන්ට උපදෙස් ලබාදෙන ලදි.








මෙලෙස headstart ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවති පරිගණක පුහුණු වැඩසටහන සාර්ථකව නිමවිය.


office 365 software


office 365 software යනු head start ආයතනය මඟින්  cloud computing පිළිබඳ  අපට ලබාදුන් විශේෂ සේවාවකි.එහිදී office 365 software එකේ භාවිතයන් රැසක් ඉගෙන ගැනීමට අපට හැකි විය.

පළමුව office 365 software තුලට log වෙමු

web browser Google chrome වැනි web browser ඒකක් භාවිතාකර www.office.com  ලෙස type කරන්න.



එහි ඇති Microsoft 365 මත click කරන්න.එවිට පහත ආකාරයට පෙන්වනු ඇත.
   
                                                    
එහි ඇති sign in මත click කරන්න.ඔබගේ office 365 ගිණුමේ user name එක type කරන්න.
next click කරන්න.

                                       
ඉන්පසු password type කරන්න.sign in මත click කරන්න.
                           
එවිට ලැබෙන dialog box එකේ NO මත click කරන්න.


දැන් ඔබ office 365 වෙත පිවිසී අවසානයි.office 365 හි භාවිතා වන App සියල්ල පහත පරිදිය.



එහි ඇති App එකින් එක භාවිතා වන ආකාරයන් බලමු.


Creating forms with office 365


මෙමගින් forms සහ  Quizzes  සාදා ගත හැකියි.එනම් ප්‍රශ්න පත්‍ර සෑදීමට සහ ප්‍රශ්නාවලි සෑදීම සඳහා මෙය භාවිතා කල හැක. පහත දක්වා ඇති window එකේ forms මත click කරන්න.
create a new form මත click කරන්න.


එවිට පහත පරිදි පෙන්වයි.එහි New form මත click කරන්න.


අලුතෙන් form එකක් පටන් ගැනීම සඳහා Add new මත click කරන්න.


අපි ප්‍රශ්න මාලාවක් සෑදිමේදි විවිධ ආකාරයෙන් ප්‍රශ්න සාදයි.forms  භාවිතයෙන් ද විවිධ ආකාරයේ ප්‍රශ්න සෑදිය හැකිය.

choice යනු පිළිතුරු කිහිපයක් ලබාදී නිවරදි පිළිතුරු තෝරා ගැනීමට හැකි ආකාරයේ ප්‍රශ්නයකි.
Text යනු පිළිතුර type කල හැකි ආකාරයේ ප්‍රශ්නයකි.
Rating යනු පිළිතුර rate  කල හැකි ආකාරයේ ප්‍රශ්නයකි.
Date යනු පිළිතුර ලෙස දිනයක් ලබාගත  හැකි ආකාරයේ ප්‍රශ්නයකි.
ඉහත ඕනෑම ආකාරයක ප්‍රශ්න සෑදිමේ හැකියාවක්  ඇත.


අපි ප්‍රශ්න කිහිපයක් හදමු.

a) පිළිතුරු කිහිපයක් ලබාදී නිවරදි පිළිතුරු තෝරා ගැනීමට හැකි ආකාරයේ ප්‍රශ්නයක්.
         
මෙහි ඇති choice මත click කරන්න.question මත click කර අවශ්‍ය ප්‍රශ්නය type කරන්න.
option 1 මත click කර පළමු පිළිතුර type කරන්න.option 2 මත click කර දෙවන පිළිතුර type කරන්න.





එවිට පහත ආකාරයෙන් පෙනේ.
                                   

Text ආකාරයේ ප්‍රශ්නයක් සැදීම.




ඉහත ආකාරයෙන් විවිධ ආකාර වලින් ප්‍රශ්න සාදා ගත හැකියි.