Tuesday, July 16, 2019

Rivisanda with Smart School Program

    පළමු දිනය

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අප සියළු දෙනා ඉතා සුහදව පිලිගත් අතර අදියර කීපයක් යටතේ පළමු දින වැඩමුළුව සැළසුම් කර තිබිණි.එහිදී පලමුව වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය හා එයට සම්බන්ධ ආයතන පිළිබඳව අපව දනුවත් කරන ලදීඅනතුරුව පලමු අංගය ලෙස පාසල තුල මෙම වැඩසටහන ක්රියත්මක කිරීමේදී ගුරුභවතුන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන ආකාරය මෙන්ම නව තාක්ෂණය භාවිතය සඳහා ගුරුමණ්ඩලය මෙහෙයවා ගනු ලබන ආකරයද පැැදිලි කර දෙන ලදී.
එසේම දෙවන අදියරේදී ගුරුභවතුන්ට ලබාදියයුතු මූලික  පරිගණක දැනුම පිලිබඳව මෙන්ම පාඩම් සකස් කිරීමෙදී යොදගතහැකි මෘදුකාංග පිලිබඳව ද දැනුවත් කරන ලදී.අවසාන අදියරේදී   Microsoft Educator Community පිලිබඳව දැනුවත් කල අතර එහි සාමජිකත්වය ලබා ගැනීමට හා එහි ඇති විවිධ පඨමාලා සම්පූර්ණ කිරීම සඳහා අපට උපදෙස් ලබාදෙන ලදී.


එසේම  blog එකක් සකස් කරන ආකරය මෙන්ම විවිධ අධ්‍යාපනික වැඩසටහන් පිලිබඳවද දැනුවත් කරන ලදී. යහලුවන් හඳුනා ගැනීම හා විනෝදය සඳහා රොකට් නිර්මාණය කල අතර අලුත් යහළුවන්ද හඳුනා ගන්න ලදී.
මෙලෙස පලමු වැඩමුළුව ඉතා සාර්ථකව  නිම කිරීමට  අපට හැකි විය.


    දෙවන දිනය

දෙවන දිනයේදී අප කණ්ඩායම නියෝජ්‍ය විදුහල්පතිතුමන් සමඟ මෙම වැඩසටහනට සහභාගී වූ අතර පාසල තුල පවතින ගැටළු හා ඒවාට ලබාගත හැකි විසඳුම් පිලිබඳවද මෙහිදී සාකච්ඡා කල අතර පාසල තුල ක්‍රියාත්මක කල හැකි ඉදිරි වැඩසටහන් පිලිබඳ සැලසුමක්ද සකස් කරන ලදී.
ඉන් අනතුරුව තිරසාර සංවර්ධනය පිලිබඳ ඉතා හරවත් දේශනයකට සහභාගී වූ අතර ඒ හරහා අලුතින් යමක් හිතන්නට පෙලඹ වූ බව කිව යුතුය.
එසේම මෙදින වලාකුල් පරිගණක සංකල්පය පිලිබඳ දැනුවත් කල අතර පාසලේ සියළුම සිසුන් සඳහා office 365 භාවිතා කිරීම සඳහා ගිණුම් සකස් කරන ආකරය පිලිබඳව දැනුවත් කරන ලදී. 
මෙලෙස දෙවන දිනයේදීත් වටිනා අත්දකීම් රැසක්  ලබා ගනීමට හැකි විය.


   තෙවන දිනය


තෙවන දිනයේදී 365 භවිතා කරමින් වැඩ කරගන්නා ආකාරය පිලිබඳව පැහැදිලි කර දුන් අතර පාඩම් සකස් කිරීමේදී  word  හා sway  යොදා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව පෙන්වා දෙන ලදී. තවදඅන්තර්ජාලය  භාවිතයළමුන් අන්තර්ජලය හරහා සිදුවන අපචාර වලින් ආරක්ෂා කරගන්නා ආකරයවැඩිහිටියන්ගේ  අවධානය යොමුවිය යුතු  අංශ  පිලිබඳ ඉතා වටිනා දැනුවත් කිරීමක් සිදු කරන ලදී.
Microsoft Educator Community වැඩසටහනට සම්බන්ධ වී ඉහල ලකුණු ලැබූවන්ට ත්‍යාග පිරිනැමූ අතර Microsoft ආයතනය මගින් පවත්වන තරඟය සඳහා සහභාගී වන ලෙසට දැනුවත් කරන ලදී.ඒ සඳහා sway එකක් සකස් කරගන්නා ආකාරය හා තරඟයට ලියාපදිංචි වන ආකාරයද පැහැදිලි කරන ලදී.මෙලෙස තෙවන දිනයද සාර්ථක ලෙස නිමා විය.


සිව්වන දිනය (2019.07.19)


 සිව්වන වැඩසටහන 2019.07.19 වන සිකුරාදා දින මහනුවර ICBT ආයතනයේදී පැවැත්වූ තවත් වැදගත් අධ්‍යාපනික වටිනාකමකින් යුුත් ප්‍රායෝගික වැඩසටහන් රැසක් සමඟිනි.එහිදී පළමුව පැමිණ සිටි සියළුම ගුරු භවතුන්ගේ වැඩසටහනට අදාළ ගිණුම් නිවරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පරීක්ෂා කිරීමක් HEADSTART ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදු ‌කෙරිණි.ඉන්පසුව සිදු කරන ලද්දේ පාසල් වල smart school වැඩසටහ‌න‌ට අදාළව ක්‍රියාත්මක වන්නා වූ වැඩසටහන් සහ ක්‍රියාත්මක වීමට අපේක්ෂිත වැඩසටහන් වලට අදාලව ‌පෝරමයක් සම්පූර්ණ කිරීමයි.එම වැඩසටන රුවන් සමරවීර මහතා විසින් ක්‍රියාත්මක කල අතර පාසල් වල වර්තමාන වන විට ක්‍රියාකාරී වැඩසටහන් සහ ක්‍රියාත්මක විමට අපේක්ෂිත වැඩසටහන් සහ එහිදී මුහුණ දීමට සිදු වූ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරිමට අවස්ථාවක් ලැබිණි.






තවද මෙහිදී Teams ඔස්සේ අප කණ්ඩායම හා සම්බන්ධ වු හසාරා මහත්මිය විසින් අධ්‍යාපනය හා මනෝවිද්‍යාව අතර ඇති සම්බන්ධතාව හා ගුරු භූමිකාව තුල එහි ඇති වැදගත් කම පිලිබදව පහදා දෙන ලදි.තවද dialog ආයතනය මඟින් ක්‍රියාත්මක yeheli.lk නම් ස්ත්‍රීන් වෙනුවෙන්  ක්‍රියාත්මක ‌‌වෙබ් අඩවියක්  හඳුන්වා  දෙන ලදි.





පසුව දිල්ශාන් මහතා විසින් Office 365 හි භාවිතයක් වන Forms සහ Quizzes සාදා ගන්නා ආකාරය ඉතා මැනවිිින් පහදා දීමක් සිිිිදුවිය.එය සියළුම ගුරු භවතුන්ට ඉතා වැදගත් පුහුණුවීමක් වූයේ ප්‍රශ්න පත්‍ර සෑදීම ගුරු භූමිකාවෙහි ඉතා වැදගත් කාර්යක් වන බැවිණි.එම වැඩසටහන අවසානයේ තනි තනිව ප්‍රශ්න පත්‍රයක් සෑදීමේ අවස්ථාව සියළුම ගුරුවරුන්ට හිමිවු අතර ඒ අතරින් වඩා සුදුසු පත්‍රයට ත්‍යාගයක් හිමි බවද ප්‍රකාශයට පත් කෙරිණි.



ඉන් අනතුරුව වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්ද‌ේ දුල්ප උමේෂ්  මහතා විසිණි.එහිදී ඉග‌ෙනුම් ක්‍රියාවලිිිය වඩා ඵලදායී කර ගැන්ම සඳහා Animation ආකාරය‌ෙන් පාඩම් සකස් කර ගන්නා ආකාරය මෘදුකාංග රැසක් සමඟිිිින් පහදා ද‌ෙන ලදි.දහවල් විවේකය‌ෙන් අනතුරුව නැවත වාරයක් රුවන් සමරවීර මහතා විසින් HOUR OF CODE පිළිබඳව ක‌ෙටි වැඩසටනක් ක්‍රියාත්මක කරන ලදි.පසුව ඉෂාර මහතා විසින් One drive භාවිතය පිළිබඳව ක‌ෙටි වැඩසටහනක් ‌ම‌ෙහ‌ෙයවන ලදි.නැවත වාරයක් පාසලේ Blog සාදා ගන්නා ආකාරය පිළිබඳව දුල්ප උමේෂ්මහතා විසින් වැඩසටහනක් ‌ම‌ෙහ‌ෙය වූ අතර එහිදී පාසල‌ේ  Blog එක සාදා ගැනීමට අවශ්‍ය ඉත‌ාා වැදගත් කරුණු රැසක් පහදා ද‌ෙන ලදි.




එදිනට නියමිත වැඩසටහන‌ේ අවසාන අංගය වශය‌ෙන් ගුරුවරුන් කණ්ඩායම් වශය‌ෙන් ‌‌බ‌ෙදා Quiz Competition පැවැත් වූ අතර ඒ් සඳහා සෑම ද‌ෙනාම ඉත‌ා උද්ය‌ෝගය‌ෙන් සහභාගී වූ බවක් දක්නට ලැබිණි.එහිදී වැඩිම ලකුණු හිමි කර ගත් කණ්ඩායම් 03 සඳහා ත්‍යාගයන්ද හිමි ව අතර ඒ් සමඟින් එදිනට නියමිත වූ වැඩසටහන අවසන් වීමත් සමඟ පිරිස නිවෙස් කරා පිට වූය‌ේ තවත් එවැනි වැදගත් වැඩසටහනකට සහභාගී වීමේ අරමුණ ඇතුවයි.




     අද දින අපහට ලබාදුන් අධ්‍යාපනික  දැනුම සහ නවතම අත්දැකීම් ‌ව‌ෙනුව‌ෙන් HEADSTART කාර්ය මණ්ඩලය ‌ව‌ෙත රිවිසඳ Smart School කණ්ඩායමේ  කෘතඥතාව ම‌ෙල‌ෙස පළ කර සිටින්න‌ෙමු.


1 comment: