Tuesday, October 1, 2019
10 ශ්‍රේණියේ සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීම
අප පාසලේ 10 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.රිවිසඳ විද්‍යාලයීය විශ්ව ළමා දින සැමරුම -2019
විශ්ව ළමා දිනයට සමගාමිව රිවිසඳ ජාතික පාසලේ 2019 වර්ශයේ ළමා දින සැමරුම මෙසේ පවත්වන ලදී. එදින විශේෂිත වැඩසටහන මෙහෙයවන ලද්දේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ තුසිත අබේරත්න ගුරු මහතා සහ ශශිනිකා සමරසිංහ ගුරු මහත්මිය විසිනි.
ඉන්පසුව සංජීව ඥානරත්න මහතා විසින් ළමුන් වෙනුවෙන් ළමා දිනයක ඇති වැදගත්කම සහ ළමුන්ට
තම ජීවිතය ජය ගැන්මට අවශ්‍ය උපදෙස් රැසක්ද සමඟින් අර්ථවත් දේශනයක් පවත්වන ලදි.
පසුව පාසලේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන් විසින් දරු දැරියන් වෙනුවෙන් විනෝදානාත්මක
වැඩසටහන් කිහිපයක් පවත්වන ලදි.
විශ්ව ළමා දින සැමරුම හා සමගාමීව සමරනු ලබන විශ්ව වැඩිහිටි දිිනය වෙනුවෙන් පාසලේ
ශිෂ්‍ය නායිකාවක් වන තක්ෂිලා ශිෂ්‍යාව විසින් කතාවක් පවත්වන ලදි.
ශිෂ්‍ය නායිකාවක් වන තක්ෂිලා ශිෂ්‍යාව විසින් කතාවක් පවත්වන ලදි.
අවසන් වශයෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමන් විසින් පැවැත්වූ ස්තූති කතාවෙන් අනතුරුව 2019 විශ්ව ළමා දින
සැමරුම අවසන් කරන ලදි.
සැමරුම අවසන් කරන ලදි.
Subscribe to:
Posts (Atom)
-
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...