රිවිසඳ විද්‍යාලයීය වාර විභාග ලකුණු ලැයිස්තු සියල්ලම MS Excel මඟින් නිපදවීම සිදුවිය.විද්‍යාලයීය smart school කණ්ඩායම මඟින් මීට පෙර MS Excel පුහුණු වැඩසටහන් පැවැත්වූ බැවින් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට මෙය පහසු කාර්යයක් බවට පත් වූ අතර එම කටයුත්ත සිදු කර ගැනීමේ අපහසුතා පැවති ගුරු භවතුන් වෙනුවෙන් විශේෂයෙන් කණ්ඩායමක් පුහුණු කර තිබීමද මෙම කාර්යය පහසු කර ගැනීමට හේතුවක් විය.
Sunday, December 1, 2019
රිවිසඳ කාර්ය මණ්ඩල දෛනික පැමිණීම් ගණනය සිදු කරන ලද්දේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මඟින් පොත් වල සඳහන් කිරීම් මඟිනි.රිවිසඳ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශය මඟින් මෙම ක්‍රමවේදය වෙනස් කරමින් විද්‍යාලයට ඇඟිලි සලකුණු යන්ත්‍රය සහයෝගය ලබා ගනිමින් දෛනික පැමිණීම තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීම ආරම්භ කරන ලදි.
මෙම ක්‍රියාව පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි ප්‍රසාදයට ලක් විය.
අප පාසලේ 07 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට ඉතා සරලව පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.
අප පාසලේ 08 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට ඉතා සරලව පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.
Subscribe to:
Posts (Atom)
-
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...