Saturday, October 26, 2019

තොරතුරු තාක්ෂණය සම්මන්ත්‍රණය

2019 වර්ෂයේ අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් ඉලක්ක කර ගනිමින් සම්මන්ත්‍රණ මාලාවක් අප විද්‍යාලයේ පැවැත්වෙන අතර ඉන් තොරතුරු තාක්ෂණය විෂය සඳහා වූ සම්මන්ත්‍රණය කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීම යටතේ 2019-10-25 දින විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයේ දී පැවැත්විණි.
          මේ සඳහා සම්පත් දායකත්වය දක්වන ලද්දේ මාවනැල්ල පරිගණක සම්පත් මධ්‍යස්ථානයේ සේවය කරන මේඝසූරිය මහත්මා, අනෝමා මහත්මිය සහ අශෝකා මහත්මියයි.
රිවිසඳ මධ්‍ය විද්‍යාලය, ගනේතැන්න මහ විද්‍යාලය, සුමංගල විද්‍යාලය, මානික්කාව කණිෂ්ඨ විද්‍යාලය හා බැමිණිවත්ත මහ විද්‍යාලය යන විද්‍යාල වලින් සිසුන් 50 ක් පමණ මේ සඳහා සහභාගී විය.



මෙහිදී සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්‍රය සකස් වන ආකාරය, ලකුණු ලබා දීමේ පිළිවෙල හා පතුයට පිළිතුරු සැපයිය යුතු ආකාරය පිළිබඳව සිසුන් දැනුවත් කළ අතර අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමද සිදුවිය. මේ හරහා සිසුන්ට විභාගයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා හොඳ මඟ පෙන්වීමක් ලැබුණු බව කිව යුතුය.  

ශිෂ්‍ය ආකල්ප සංවර්ධනය වැඩසටහන

ඔක්තෝබර් 01 දිනට යෙදී  තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසටහනක් ලෙස 2019-10-04 දින අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහයෝගයෙන් වැඩිහිටියන්ට ගරු කරමු, ඔවුන්ට සලකමු, යහපත් ආකල්ප ඇතිකර ගනිමු  යන්න තේමා කරගනිමින් ශිෂ්‍ය ආකල්ප සංවර්ධනය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මේ සඳහා අප පාසලේ 10 ශ්‍රේණියේ සිසුසිසුවියන් 250ක් පමණ සහභාගී වූ අතර එහිදී ඉතා වටිනා අත්දැකීම් රැසක් ලබා ගැනීමට ඔවුනට හැකිවිය. මෙම වැඩසටහන සදහා සම්පත් දායකත්වය ලබාදුන් මහත්ම මහත්මීන් වන්නේ


උපාලි රූපසිංහ මහතා (සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී)
එන්. සාගරිකා කුමාරි මහත්මිය(වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී)
ගයානී හරිස්චන්ද්‍ර මහතා (උපදේශන නිලධාරිනී)
සමන් ගලපිට මහතා(ආපදා කළමනාකරණ නිලධාරී) යන අයයි.