2019.10.03 වන දින රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා විශේෂ ගුරු පුහුණුවක් පවත්වන ලදි.වැඩසටහන මෙහෙයවන ලද්දේ Headstart ආයතනයේ දුල්ප සූරියආරච්චි මහතා විසිනි.ඒ සඳහා අවශ්‍ය සහාය රිවිසඳ smart school කණ්ඩායම විසින් ලබාදෙන ලදි.
මෙහිදී පළමුව නැණස smart school වැඩසටහන සහ රිවිසඳ smart school කණ්ඩායම පිළිබඳව හඳුන්වාදීමක් සිදු වූ අතර දින 05 ක් පුරාවට ICBT ආයතනයේදී පැවති වැඩසටහන් වලදී රිවිසඳ smart school කණ්ඩායම වෙත ලබා දුන් තාක්ෂණික දැනුම සහ ඒවායේ වැදගත්කම පෙන්වා දෙන ලදි.
මෙහිදී Forms, Sway, GOOGLE EARTH සහ Kahoot හි පිළිබඳව ගුරු මණ්ඩලය දැනුවත් කරන ලදි.
පැය 3 ක් පමණ පැවති වැඩසටහනෙන් පසුව ස්තූති කතාව පැවැත්වූ පාසලේ නියෝජ්‍ය විදුහල්පති රූපතුංග මහතා විසින් headstart ආයතනය වෙත පාසලේ ස්තූතිය පළකල අතර පාසල තුල ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා හැකි තරම් තාක්ෂණය භාවිතා කරනා ලෙස ගුරුවරුන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙලෙස headstart ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවති පරිගණක පුහුණු වැඩසටහන සාර්ථකව නිමවිය.
No comments:
Post a Comment