දෙවන
වාර විභාගය
2019 වසර සඳහා දෙවන
වාර විභාගය 10 සහ 11 ශ්‍රේණි සඳහා 2019.07.10 වන දින ආරම්භ
වී 2019.07.19 වන දින අවසන්
වූ අතර 6,7,8,9 ශ්‍රේණි සඳහා
වාර විභාගය මේ වන විට පැවැත්වේ. වාර විභාගයට පෙනී සිටින දරුවන්ට ඒ සඳහා හොදින්
මූහුණ දීමට හැකි වේවායි ප්‍රාර්ථනා
කර සිටිමු.
පෙර පොහොය වැඩසටහන (2019-07-15)
සෑම පොහොය
දිනකටම පෙර දින පාසලේ මහා සංඝරත්නය විසින් විදුහලේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ
ආචාර්ය මණ්ඩලයත් සිසු දරු දැරියන්ගේත් සහභාගීත්වයෙන් යුත් පොහොය වැඩසටහනක්
පැවැත්වීම සිදු කෙරේ.ඒ අනුුුව ජූලි මාසයට නියමිත පෙර පෝය වැඩසටහන පහත
ආකාරයෙන් පැවැත්විණි.
අධ්‍යාපන සංවර්ධන වැඩසටහන
මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදේශනය භාර ගුරු උපදේශක තුමන්
විසින් 2019 - 06 -24 දින 12 ශ්‍රේණියේ සිසුන් සඳහා අධ්‍යාපන සංවර්ධන
වැඩසටහනක් පවත්වන ලදී.
එහිදී 12 ශ්‍රේණියට පැමිණි නවක සිසුන් සඳහා අධ්‍යාපන ඉල්ලක්ක හඳුන්වා දීම සිදු
කල අතර 12 කලා අංශයේ සිසුදරුවන් හා ගුරුභවතුන් මීට සහභාගී විය.
මතට එරෙහිව පාසලෙන් ජවයක් 2019
මතට එරෙහිව පාසලෙන් ජවයක් යන්න තේමා කරගනිමින් 2019-01-21 සිට 2019-01-25 දක්වා කාලය තුල පාසලේ ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
පිළිබඳ තොරතුරු හා ඡයාරූප පහත දැක්වේ.
එහිදී පළමුව මෙම වැඩසටහන පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සඳහා අංශ
මට්ටමින් රැස්වීම් පැවැත්වීම හා අත්පත්‍රිකා බෙදාදීම සිදුකරන ලදී.මතට
එරෙහිව පාසලෙන් ජවයක් යන්න තේමා කරගනිමින් 2019-01-21 සිට 2019-01-25 දක්වා කාලය තුල පාසලේ ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
පිළිබඳ තොරතුරු හා ඡයාරූප පහත දැක්වේ.
ඉන් අනතුරුව සිසුන් තව දුරටත් දැනුවත් කිරීම සඳහා දන්වීම් හා
පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම, මත්ද්‍රව්‍ය
නිවාරණය පිළිබඳ වැකි ප්‍රදර්ශනය කිරීම හා පන්ති මට්ටමින් සිසුන් දැනුවත් කිරීම
මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මඟින් සිදු කරන ලදී
2019 -රිවිසඳ ක්‍රීඩා උත්සවය
2019 රිවිසඳ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ඉතා සාර්ථක ලෙස නිමවිය.
රිවිසඳ 12/13 ශ‌්‍රේණි සිසු සිසුවියන් විසින් 10/11 ශ‌්‍රේණි සිසු සිසුවියන් වෙනුවෙන් ලද විද්‍යාව ප්‍රායෝගික පුහුණුු වැඩසටහන
රිවිසඳ
12/13
ශ‌්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් පාසලේ 10/11
ශ‌්‍රේණි වල ඉගෙනුම ලබන සහෝදර
සිසු සිසුවියන් සදහා අධ්‍යාපනිිිික වැදගත්කකමින් යුත් ප්‍රායෝගික
පුහුනු වැඩසටහනක් පැවැතවිණි. මෙම පුහුණුව පාසලේ සියලුම දෙනාට නවතම
අත්දැකීම් රැසක් මෙන්ම නව දැනුමක් ලබා දීමටද සමත් විය.
රිවිසඳ බාලදක්ෂයන් ලාංඡන පැලඳවීම