Tuesday, December 3, 2019

රිවිසඳ ආචාර්ය මණ්ඩලයට Microsoft educator community හදුන්වා දීම

රිවිසඳ ආචාර්ය මණ්ඩලයට  Microsoft educator community හදුන්වා දීම සඳහා වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් ‌ම‌ෙහ‌ෙයවන ලදි.ම‌ෙහිදී Microsoft educator community  ‌ව‌ෙත ලිය‌ාපදිංචි වීමත් ලියාපදිංචි වීමෙන් පසුව එහි පවතින පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් පසුව එහි පවතින badges and certificates ලබා ගන්නා ආකාරයත් පිළිබඳව ආචාර්ය මණ්ඩලය දැනුවත් කරන ලදි.





රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා forms & sway පුහුුණුව

රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා forms & sway පුහුුණුව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායමේ මූලිකත්වයෙන් යුතුව පැවැත් වූ අතර එහිදී ආචාර්ය මණ්ඩලය සඳහා Office 365 ගිණුම් නිවරදිව භාවිතා කිරීම සහ එහි විශේෂත්වය පිළිබඳව දැන ගැනීමේ අවස්ථාව හිමි විය.




Monday, December 2, 2019

පාසලෙහි සියලුම වැඩසටහන් පිළිබඳව වාර්තා සැකසීම

පාසලෙහි සියලුම වැඩසටහන් පරිගණක ගතකිරීමත් අදාල වැඩසටහන් පිළිබඳව වාර්තාවක් සකස් කිරිීමත් සිදු වේ. මෙම ක්‍රියාවලිය සඳහාද මූලිතක්වය ගෙන කටයුතු කරන්නේ පාසල් smart school කණ්ඩායමයි.මෙමඟින් පාසල් කටයුතු කාර්යක්ෂම වීමත් පාසලේ තොරතුරු අවශ්‍ය අවස්ථාවලදි පෙන්වා දිමේ හැකියාවත් පාසල් පරිපාලනයට ඉඩප්‍රස්ථා ලැබී ඇත.




පාසලේ අයවැය වාර්තා සැකසීම සහ වාර්ෂික වාර්තා සැකසීම

රිවිසඳ විද්‍යාලයේ  සියලුම දෛනික වාර්තා සකස් කිරීම සිදු වන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.ඒ සඳහා විදුහල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන්ම පාසල් පරිපාලනයට සහයාය දැක්වීම සිදු කරයි.




එසේම විදුහල් වාර්ෂික වාර්තා සැකසීම සිදු වන්නේද පරිගණක තාක්ෂණය භාවිතයෙනි.මේ සඳහාද පාසල් තොරතුරු තාක්ෂණ අංශය නිරන්තරයෙන් සහයෝගය දක්වයි.




Sunday, December 1, 2019

විද්‍යාලයීය වාර විභාග ලකුණු ලැයිස්තු MS Excel මඟින්

රිවිසඳ විද්‍යාලයීය වාර විභාග ලකුණු ලැයිස්තු සියල්ලම MS Excel මඟින් නිපදවීම සිදුවිය.විද්‍යාලයීය smart school කණ්ඩායම මඟින් මීට පෙර MS Excel පුහුණු වැඩසටහන් පැවැත්වූ බැවින් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට මෙය පහසු කාර්යයක් බවට පත් වූ අතර එම කටයුත්ත සිදු කර ගැනීමේ අපහසුතා පැවති ගුරු භවතුන් වෙනුවෙන් විශේෂයෙන් කණ්ඩායමක් පුහුණු කර තිබීමද මෙම කාර්යය පහසු කර ගැනීමට හේතුවක් විය.









පාසලේ සීනු නාද කිරීමේ පද්ධතිය -Bell system

රිවිසඳ විද්‍යාලයීය සීනු නාද කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ පරිගණක තාක්ෂණය භාවිතයෙනි.මෙමඟින් පාසල් පද්ධතියම ඉතාම කාර්යක්ෂම වී ඇත.


විද්‍යාලයීය කාලසටහන නිර්මාණය පරිගණක තාක්ෂණයෙන්

රිවිසඳ විද්‍යාලයීය පාසල්  කාලසටහන නිර්මාණය පරිගණක තාක්ෂණය භාවිතයෙන් විද්‍යාලයීය  තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගය ඇතුව සිදු වේ.මෙමඟින් ඉතා පහසුවෙන් කාලසටහන නිර්මාණය සිදු කල හැකි අතර කාලය සහ ශ්‍රමය ඉතුරු වීමත් අවශ්‍ය වෙනස්වීම් පහසුවෙන් සිලුකල හැකි වීමත් නිසා  මෙම ක්‍රමය විදුහල් පරිපාලනයේ ඇගයීමට ලක්විය.








6 ශ්‍රේණි සිසු සිසුවියන්ට රූපවාහිනිය නරඹමින් පාඩමක්

සිංහල විෂයය භාර ගුරුමහත්මියක් වන රෙබෙකා මහත්මිය විසින් රූපවාහිනිය නරඹමින් පාඩමක් ඉගෙනීමේ අවස්ථාව 6 ශ්‍රේණි සිසු සිසුවියන්ට ලබා දෙන ලදි.





රිවිසඳ කාර්ය මණ්ඩල දෛනික පැමිණීම් ගණනය තාක්ෂණය මඟින්

රිවිසඳ කාර්ය මණ්ඩල දෛනික පැමිණීම් ගණනය සිදු කරන ලද්දේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මඟින්  පොත් වල සඳහන් කිරීම් මඟිනි.රිවිසඳ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශය මඟින් මෙම ක්‍රමවේදය වෙනස් කරමින් විද්‍යාලයට ඇඟිලි සලකුණු යන්ත්‍රය සහයෝගය ලබා ගනිමින් දෛනික පැමිණීම තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීම ආරම්භ කරන ලදි.
මෙම ක්‍රියාව පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි ප්‍රසාදයට ලක් විය.









10 ‌ශ්‍රෙණි සිසුන් සඳහා තාක්ෂණය භාවිතයෙන් විද්‍යාව පාඩමක්

10  ‌ශ්‍රෙණි සිසු දරුවන් සඳහා විද්‍යා විෂය භාර  ඉන්දික ගුණසිංහ මහතා විසින් විසින්  විද්‍යාව  පාඩමක් තාක්ෂණය භාවිතයෙන් ‌‌ම‌ෙහයෙවන ලද අතර සිසුන් ඉතා උද්යෝගයෙන් පාඩමට සහභාගී වූ බවක් දක්නට ලැබිනි.








සිසු සිසුවියන් සඳහා Office 365 ගිණුම් හඳුන්වා දීම - Grade 07

අප පාසලේ 07 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට ඉත‌ා සරලව පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.




සිසු සිසුවියන් සඳහා Office 365 ගිණුම් හඳුන්වා දීම - Grade 08

අප පාසලේ 08 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට ඉත‌ා සරලව පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.


Thursday, November 28, 2019

8 ශ්‍රෙණි සිසුන් සඳහා forms භාවිතයෙන් ගණිතය පරීක්ෂණයක්

8 ශ්‍රේණි සිසුන් සඳහා  forms භාවිතෙයන් ගණිතය පරීක්ෂණයක් පවත්වන ලදි.සිසුන් ඉතා උද්යෝගයෙන් ඒ් සඳහා සහභාගී විය.






රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා powtoon පුහුුණුව

රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා powtoon  භාවිතය පිළිබඳව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් ‌ම‌ෙහ‌ෙයවන ලදි.එහිදී powtoon භාවිතයෙන් presentation සාදා ගැනීමේ පියවර පැහැදිලිිිව ඉගැනීීමට සහ powtoon භාවිතයෙන් presentation එකක් සැදීමට ආචාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි විය.






රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා kahoot පුහුණු වැඩසටහනක්

රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා kahoot භාවිතය පිළිබඳව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් ‌ම‌ෙහ‌ෙයවන ලදි.එහිදී kahoot භාවිතයෙන් දරුවන් සඳහා game පිළියෙල කර ගැනීමේ පියවර සහ kahoot භාවිතයෙන් game වල නිරත වන ආකාරය පිළිබඳව ඔවුන්ට උපදෙස් ලබාද‌ෙන ලදි.