රිවිසඳ ආචාර්ය මණ්ඩලයට Microsoft educator community හදුන්වා දීම සඳහා වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායම විසින් මෙහෙයවන ලදි.මෙහිදී Microsoft educator community වෙත ලියාපදිංචි වීමත් ලියාපදිංචි වීමෙන් පසුව එහි පවතින පාඨමාලා සම්පූර්ණ කිරීමෙන් පසුව එහි පවතින badges and certificates ලබා ගන්නා ආකාරයත් පිළිබඳව ආචාර්ය මණ්ඩලය දැනුවත් කරන ලදි.
Tuesday, December 3, 2019
රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා forms & sway පුහුුණුව
රිවිසඳ ආචාර්ය මණ්ඩලය සඳහා forms & sway පුහුුණුව වැඩසටහනක් රිවිසඳ smart school කණ්ඩායමේ මූලිකත්වයෙන් යුතුව පැවැත් වූ අතර එහිදී ආචාර්ය මණ්ඩලය සඳහා Office 365 ගිණුම් නිවරදිව භාවිතා කිරීම සහ එහි විශේෂත්වය පිළිබඳව දැන ගැනීමේ අවස්ථාව හිමි විය.
Monday, December 2, 2019
පාසලෙහි සියලුම වැඩසටහන් පරිගණක ගතකිරීමත් අදාල වැඩසටහන් පිළිබඳව වාර්තාවක් සකස් කිරිීමත් සිදු වේ. මෙම ක්‍රියාවලිය සඳහාද මූලිතක්වය ගෙන කටයුතු කරන්නේ පාසල් smart school කණ්ඩායමයි.මෙමඟින් පාසල් කටයුතු කාර්යක්ෂම වීමත් පාසලේ තොරතුරු අවශ්‍ය අවස්ථාවලදි පෙන්වා දිමේ හැකියාවත් පාසල් පරිපාලනයට ඉඩප්රස්ථා ලැබී ඇත.
Sunday, December 1, 2019
රිවිසඳ විද්‍යාලයීය වාර විභාග ලකුණු ලැයිස්තු සියල්ලම MS Excel මඟින් නිපදවීම සිදුවිය.විද්‍යාලයීය smart school කණ්ඩායම මඟින් මීට පෙර MS Excel පුහුණු වැඩසටහන් පැවැත්වූ බැවින් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට මෙය පහසු කාර්යයක් බවට පත් වූ අතර එම කටයුත්ත සිදු කර ගැනීමේ අපහසුතා පැවති ගුරු භවතුන් වෙනුවෙන් විශේෂයෙන් කණ්ඩායමක් පුහුණු කර තිබීමද මෙම කාර්යය පහසු කර ගැනීමට හේතුවක් විය.
රිවිසඳ කාර්ය මණ්ඩල දෛනික පැමිණීම් ගණනය සිදු කරන ලද්දේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් මඟින් පොත් වල සඳහන් කිරීම් මඟිනි.රිවිසඳ විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ අංශය මඟින් මෙම ක්‍රමවේදය වෙනස් කරමින් විද්‍යාලයට ඇඟිලි සලකුණු යන්ත්‍රය සහයෝගය ලබා ගනිමින් දෛනික පැමිණීම තාක්ෂණය භාවිතයෙන් සිදු කිරීම ආරම්භ කරන ලදි.
මෙම ක්‍රියාව පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ දැඩි ප්‍රසාදයට ලක් විය.
අප පාසලේ 07 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට ඉතා සරලව පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.
අප පාසලේ 08 ශ්‍රේණි සිසු සිසුවියන් සඳහා office 365 ගිණුම් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.මෙහිදී මෙම ගිණුම භාවිත කරනා ආකාරය සහ එහි ඇති ප්‍රයෝජනත් ගිණුමට ප්‍රවේශ වන ආකාරයත් දරුවන්ට ඉතා සරලව පැහැදිලි කර දුන් අතර ඉදිරියේදී පවත්වනු ලබන ප්‍රායෝගික පුහුණුවක් මඟින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට අපේක්ෂිතය.
Subscribe to:
Posts (Atom)
-
ඔක්තෝබර් 01 දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමරීම සඳහා අප විද්‍යාලය විසින් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර එහි එක් වැඩසට...